Posts

Showing posts from January, 2024

මොණරාගල වැල්ලවාගේ බුදුරුවගල රජමහා විහාරය😍😘

Image
  ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වස‍‍මේ බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇත. වැල්ලවාය නගර‍යේ සිට තිස්සමහාරාම මාර්ගයේ කි.මී. 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ග‍යේ කි.මී.3 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකි ය. පිහිටි පර්වතයක අර්ධ උන්නතව ‍‍‍නෙළන ලද ක්‍රි.ව.9,10 ශත වර්ෂවලට අයත් යැයි සැල‍‍කෙන මූර්ති 7 ක් ‍‍මෙම ස්ථාන‍යේ දක්නට ලැ‍බේ. සප්ත මහායාන මූර්ති ‍‍ලෙස සැලකෙන මෙහි මධ්‍ය‍යේ ප්‍රධාන බුදුරුව සහ ‍‍‍දෙපස පරිවාර මුර්ති 3 බැගින් දක්නට ලැබේ. මධ්‍ය‍යේ ඇති ප්‍රධාන බුදුරුව අඩි 51 ක් පමණ උස වන අතර, දැනට ලංකා‍වේ ඇති වැඩිම උසකින් යුක්ත ප්‍රතිමාව ‍‍ලෙස සැල‍කේ. සමභංග ඉරියව්‍වෙන් පද්ම පීඨයක් මත වැඩ හිඳින ප්‍රධාන බුදුරුව දකුණතින් අභය මුද්‍රාව නිරූපණය කරයි. දකුණු පසින් වූ පරිවාර රූප අතර අව‍ලෝ‍කි‍තේශ්වර ‍බෝධිසත්ව රුව, තාරා ‍‍දෙව‍‍‍‍ඟන සහ සුධන කුමරු මූර්තිමත් ‍‍කොට ඇත. වම් පසින් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෛත්‍රී ‍බෝසත් රුව, වඡ්‍රපාණි බෝධි සත්ව රුව සහ හඳුනා ගැනීමට අපහසු දේව රූපයක් දක්නට ලැ‍බේ. ලංකා‍ව මහායාන ආභාසය සහිතව නිම වූ බුද්...

ස්වාභාවිකවම හැදුනු ලස්සනම ලස්සන රංගල තටාකය 😘😍

Image
  නුවර සිට, නුවර පහුකරල දිගන හරහා තල්දෙනිය පාරේ හුළු ගඟ පහුකරල යනකොට හම්බවෙන සුන්දර ගම්මානයේ පොඩි hike එකක් ගියහම තමා රංගල ස්වභාවික තටාකය හම්බවෙන්නේ.. පල්ලෙහට ගලන් බහින පොඩි දිය ඇල්ලක් එක්ක තියන මේ ස්වභාවික තටාකය යාලුවන් එක්ක ඇවිල්ල විනෝද වෙන්න කියාපු තැනක්. නකල්ස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති මේ ස්ථානය කිට්ටුව නවතින්න ආස අයට ඔන්නම් කළින්ම guest house එකක් එහෙම වෙන්කරගෙන එන්නත් පුළුවන්. ©උපුටාගැනීමකි.

පුන්චි නවසීලන්තය හෙවත් හරිත කන්ද😍😘

Image
  ලන්කාවෙ තියෙන ලස්සනම ලස්සන camping zite එකක් වගේම ලස්සනම ලස්සන කන්දක් . හරිත කන්ද camping එකක් යන්න හිතාන ඉන්න කෙනෙක්ට වදගත් වෙයි කියලා හිතනව . ටිකට් ගන්නවා එක්කෙනෙක්ට 250   ගොඩ දෙනෙක් හරිත කන්ද කදවුරු බදින්නෙ හරිත කන්ද පයිනස් ගස් ලග තියෙන camping zite වල . ඒ වගේම කන්ද උඩත් camping කරහැකි ටෙන්ට් දෙකක් වගෙ ගැහුවැහැකි . ©උපුටාගැනීමකි

ඉන්දික සමන් සෑය 😍😘

Image
මුතියංගන සෑ රජුන් තැනූ "ඉන්දක" දෙවියන්ගේ නමින් ද මහියංගන සෑ රජුන් තැනූ "සුමන සමන්" දෙවියන්ගේ නමින් ද නම් කොට..... මේ කල්ප 100 ඇතුලත පහළ වී වදාල සත්බුදු රජාණන්වහන්සේල උදෙසා... තුන්ලොව තැනවෙන පළමු මහා සෑය වූ ඒ අසිරිමත් "ඉන්දක සමන්" සත්බුදු මහා සෑය ©උපුටගැනීමකි

කුරණෑගල රන්තාලිය වැව😘😍

Image
රන්තාලිය වැව ලග  උන් කාලය මතකද අතීත මතක රැගෙන  නුඹ ගිය දුරක තරම  වැව් තාවුල ඉදගෙන මං  හැඩුවේ දුකට රත්තරන්  මේ කවි පද ටික නම් අහපු නැති කෙනෙක් නැතිම තරම් මෙන්න මේකෙ කියවෙන රන්තාලිය වැව තියෙන්නෙ කුරණෑගල  රන්තාලිය වැව නැත්නම් කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාවය කිව්වොත් නිවැරදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂී කාරණයක් නිසාම කතාබහට ලක්වෙනවා. ඒ තමයි  රන්තාලිය වැව නිසා. ඉතින් කුරුණෑගලට පිවිසෙන ඕනෑම අයෙක්ට කුරුණෑගල නගරය මධ්‍යයේ මේ වැව හමුවෙනවා.